ලංකා ප්‍රිමියර් ලීග් වෙන්දේසියට බලපෑම් කළ සමාජ මාධ්‍යයේ හරි තීරණ සහ වැරදි තීරණ
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු වටයේ වෙන්දේසියේ දී, ලංසු නොතබා, නොසළකා හරින ලද ක්‍රීඩකයින් වන පැතුම් නිශ්ශංක සහ කුසල් ජනිත් පෙරේරා ගැන ඒ මොහොතේම නැඟ ආ සමාජ මාධ්‍ය විරෝධයද පදනම් කරගෙන ඔවුන් දෙවන වටයේදී මිලදී ගන්නා ලදි. ඔවුන් දෙදෙනා සමාජ මාධ්‍ය නැඟූ ඒ හඬ නිවැරදි බවට පත් කරමින් මේ වන විට තරගාවලියේ කැපී පෙනෙනම පිතිකරුවන් බවට පත් වී සිටිනු දැකිය හැක.
පැතුම් නිශ්ශංක ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ලබාගත් ලකුණු 119 මේ දක්වා ලංකා ප්‍රිමියර් ලීග් තරගයක රැස් කළ වැඩිම ලකුණු සහිත ඉනිමයි. ඔහු මේ වන විට වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවා ලෙස ඉදිරියෙන් සිටින අතර, තරග 5කදී ලකුණු 297ක් ලබාගෙන සිටින පැතුම්, ඒ සඳහා ශතකයක් සහ අර්ධ ශතක 2ක් එක්කර තිබේ. ප්‍රහාරක වේගය සියයට 170.68ක් වන අතර තරගයක ලකුණු සාමාන්‍ය 59.40ක් ලෙස පවත්වාගෙන යාමට ඔහු සමත් වී තිබේ.
මේ දක්වා තරග 5ට මුහුණදී ශතකයක් සහ අර්ධ ශතකයක් සහිතව ලකුණු 215ක් ලබා සිටින කුසල් ජනිත් පෙරේරා, මේ දක්වා පිතිකරුවන් අතර තෙවන තැන පසුවේ. ඔහු තරගයක ලකුණු සාමාන්‍ය 53.75ක් ලෙස පවත්වාගෙන යන අතර ප්‍රහාරාත්මක වේගය සියයට 172.00ක් ලෙස පවත්වාගෙන යාමට සමත් වී සිටියි.
එහෙත් සෑම විටම සමාජ මාධ්‍යය නිවැරදි යැයි නොකියන්නටද හේතු ඇත. මේ වන විට ක්‍රීඩාවෙන් සමුගෙන සිටින ඉසුරු උදානට අති විශාල මුදලක් වැය කරමින් ඔහු මිලදී ගැනීම පිළිබඳවද සමාජ මාධ්‍ය විසින් විවිධ විවේචන පළ කළේය. එහෙත් ඒවා බොරු කරමින්, මේ වන විට තුන් ඉරියව් දක්ෂතා දැක්වූ අතර, වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා වී ඇත්තේ ඉසුරු උදානයි.
මෙයින් පැහැදිළි වන්නේ සමාජ මාධ්‍යය හරිද වැරදිද කියන කාරණයට වඩා, පොළවේ නිවැරදි දේ නිසියාකාරව තීරණය කරන්නට හරි මිනිසුන් අවශ්‍ය බවයි. සමාජ මාධ්‍ය නිවැරදි වන්නේ හෝ වැරදි වන්නේ හරි තීන්දු ගන්න මිනිසුන් අත වගකීම තිබෙන ආකාරයට අනුවයි. එය ලංකා ප්‍රිමියර් ලීග් වලට පමණක් සීමා නොව, ලංකාවේ ඇත්තම තත්ත්වය ලෙස පිළිගත හැක. ඉසුරු උදාන පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍යවල වැරදි විවේචන නිවැරදි කළ හැකි තීරණ ද ගත හැකි බවයි.
Author : NMR
Social Plugin