2026 වසරේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාවට නොයන බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය (BCB) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) නිල වශයෙන් දැනුම් දී තිබේ.
ඊයේ (17) අයි.සී.සී. නියෝජිත ඇන්ඩෲ එෆ්රෝව් සමඟ පැවති විශේෂ රැස්වීමකදී බංග්ලාදේශය සිය ස්ථාවරය දැඩිව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
තමන්ට පවතින ආරක්ෂක තර්ජන හේතුවෙන් ඉන්දියාවේ සංචාරය කළ නොහැකි බව පවසන බංග්ලාදේශය, තම කණ්ඩායමේ තරග ශ්‍රී ලංකාවට ගෙන යන ලෙස යළිත් වරක් ඉල්ලා ඇත. මෙම තත්ත්වය හමුවේ අයි.සී.සී. ය සිය අවසන් තීරණය ලබන සතියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
බංග්ලාදේශයට ඉන්දියාවේදී ක්‍රීඩා කිරීමට සිදුවීම මඟහැරීම සඳහා ඔවුන්ව වෙනත් කාණ්ඩයකට (Group) මාරු කිරීමේ හැකියාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී ඇත.
දැනට ‘C’ කාණ්ඩයේ සිටින බංග්ලාදේශය ‘B’ කාණ්ඩයට මාරු කිරීම.
B’ කාණ්ඩයේ සිටින අයර්ලන්තය ‘C’ කාණ්ඩයට මාරු කිරීම.
මෙම මාරුව සිදු වුවහොත්, බංග්ලාදේශයට මූලික වටයේදී ඉන්දියාවේ තරග කිරීමට සිදු නොවන අතර, ඔවුන්ට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සමඟ තරග වැදීමට අවස්ථාව හිමි වේ.
මෙම සාකච්ඡා ඉතා සුහදශීලී සහ වෘත්තීය මට්ටමින් පැවති බවත්, සියලු පාර්ශවයන් විවෘතව අදහස් හුවමාරු කරගත් බවත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

Social Plugin