කෝලි පසු පසට විසිවෙයි! නවතම ශ්‍රේණිගතකිරීම් නිකුත් වෙයි!


අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය දිනා ගැනීමට නවසීලන්තයේ ඩැරිල් මිචෙල් සමත්ව තිබෙනවා.

ඔහු ප්‍රසාද ලකුණු 845 ක් ලබා ගනිමින් එක් ස්ථානයක් ඉදිරියට පැමිණ ඇති අතර, මෙතෙක් ප්‍රමුඛස්ථානයේ සිටි විරාත් කෝලි දෙවන ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.

බ්‍රාහිම් සද්‍රාන් ප්‍රසාද ලකුණු 764ක් ලබා ගනිමින් 03 වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

ශ්‍රී ලංකාවේ චරිත් අසලංක ප්‍රසාද ලකුණු 690 ක් ලබා ගනිමින් 09 වන ස්ථානයේ රැඳී සිටිනවා.