2025 “නැගී එන තරු අතර” ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා දුනිත් වෙල්ලාලගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම නම් කර ඇති බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර ඇත.
මෙම සංචිතයට යොවුන් ක්‍රීඩකයන් වන විශේන් හැලඹගේ, අහන් වික්‍රමසිංහ, විජයකාන්ත් වියස්කාන්ත්, ට්‍රැවීන් මැතිව්, සහ ගරුක සංකේත් ඇතුළත් වන අතර, අත්දැකීම් සහිත ක්‍රීඩකයන් ලෙස නිශාන් මධුෂ්ක, ලසිත් කෲස්පුල්ලේ, නුවනිදු ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, ප්‍රමෝද් මධුෂාන්, මිලාන් රත්නායක, සහ ඉසිත විජේසුන්දර ද සංචිතයේ ස්ථානය තහවුරු කරගෙන ඇත.
කණ්ඩායම් 8ක් සහභාගී වන මෙම තරගාවලිය කටාර්හි සත්කාරකත්වයෙන් නොවැම්බර් 14 සිට 23 දක්වා පැවැත්වීමට නියමිතය.

Social Plugin