සල්ලි සහ දියමන්ති එක්ක ඉන්දීය ලෝක ශූරියන්ට ලැබුණු පුදුම හිතෙන තෑගි කන්ද


ලෝක කුසලාන තරගාවලියේදී ලබාගත් විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් මිලියන 5.75 ක මුදල් ත්‍යාගයක් පිරිනමන බව ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) නිවේදනය කර ඇත.

BCCI ලේකම් දේවජිත් සයිකියා (Devajit Saikia) පැවසුවේ, මෙම මුදල කාන්තා කණ්ඩායමට “අගය කිරීමේ සංකේතයක්” ලෙස පිරිනමන බවයි.

ඒ අනුව, ඉන්දීය රුපියල් කෝටි 51ක් — ශ්‍රී ලංකා මුදලින් සම්මතව කෝටි 175ක් පමණ — ක්‍රීඩිකාවන්ට, කාර්ය මණ්ඩලයට සහ තේරීම් කමිටු සාමාජිකයන්ට බෙදාදීමට නියමිතය.

අමතරව, ඉන්දීය කාන්තා කණ්ඩායම දැනටමත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මගින් ඩොලර් මිලියන 4.48ක ත්‍යාග මුදලක් ලබා ඇත.