ඉන්දු - පාකිස්ථාන අන්ධ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතට අත දෙයි


මෑතකාලීන ඉන්දු පාකිස්තාන ක්‍රිකට් තරගවලදී කිසිවිටක් නොදුටු මිත්‍රශීලී ක්‍රීයාවක් ඊයේ (16) කටුනායකදී පැවති කාන්තා අන්ධ ක්‍රිකට් T20 ලෝක කුසලාන 2025 තරගයකදී සිදු වුණා.

තරගය අවසන් වූ අවස්ථාවේදී ඉන්දීය සහ පාකිස්තාන අන්ධ කාන්තා කණ්ඩායම්වල ක්‍රීඩිකාවන් දෙපාර්ශ්වයම එකිනෙකාට උණුසුම් ලෙස අතට අත දී සුහද සුබ පැතීම් හුවමාරු කරගැනීම සංගමයේ සහ ප්‍රේක්ෂකයන්ගේ විශාල අවධානයකට ලක්වූයේය.

මෙය විශේෂත්වයක් වන්නේ, මීට පෙර මෙම වසරේ පැවති පිරිමි ආසියානු කුසලානයේද, කාන්තා ලෝක කුසලානයේද ඉන්දීය සහ පාකිස්තාන කණ්ඩායම් අතර මෙවන් අතිශය මිත්‍රශීලී මොහොතක් දැකගත නොහැකි වූ බැවිනි.