රෝහිත්ගේ තැන බාබර් උදුරා ගනී


පාකිස්තාන අතීත නායක බාබර් අසාම් ජාත්‍යන්තර විස්සයි20 පිතිකරුවන් අතර වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයා ලෙස ඉදිරියට පැමිණ ඇත.

ඊයේ (31) දින දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයේදී නොදැවී ලකුණු 11ක් රැස් කිරීමත් සමඟ, ඔහුගේ සමස්ත ලකුණු සංඛ්‍යාව 4,234ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට බාබර් අසාම් T20 ඉනිම් 123කට පන්දු රැකීම් කළ අතර, එමගින් ශතක 3ක් සහ අර්ධ ශතක 36ක් සමගින් ඔහු මෙම අගය සටහන් කර ඇත.

බාබර් අසාම්ට වඩා ලකුණු 3ක් පමණින් පසුපස සිටින භාරත නායක රෝහිත් ශර්මා දීර්ඝ කාලයක් පුරා මෙම ලැයිස්තුවේ ඉහළ තැනක් රැඳී සිටියේය. රෝහිත් ශර්මා ඉනිම් 151කදී ශතක 5ක් හා අර්ධ ශතක 32ක් සමග ලකුණු 4,231ක් රැස්කර ඇත.

විරාට් කෝලි මේ වනවිට 4,188 ලකුණු රැස්කරමින් තෙවන ස්ථානයේ සිටින අතර, ඔහුගේ T20 ඉනිම් සංඛ්‍යාව 117කි.

ශ්‍රී ලංකා අතුරින් මෙම ලැයිස්තුවේ ඉදිරියෙන්ම පෙනී සිටින කුසල් ජනිත් පෙරේරා, ඉනිම් 88කදී ලකුණු 2,276ක් රැස්කරමින් 33වන ස්ථානයේ පසුවෙයි.