මෙවර අන්තර් ක්‍රීඩා සමාජ පළමු කාණ්ඩයේ රග්බි ලීග් තරගාවලිය ලබන නවම්බර් 14 වැනිදා ආරම්භ වන අතර, එය ජනවාරි මස දක්වා සති අන්තවලදී පැවැත්වීමට නියමිතයි.
තරගාවලියට ප්‍රමුඛ ක්‍රීඩා සමාජ 9 ක් පමණ සහභාගී වන අතර, ශ්‍රී ලංකා රග්බි සංගමය විසින් මේ වසරේ විශේෂ නියමයක් හඳුන්වා දී ඇත. එනම් එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයන් දෙදෙනෙකු බැගින් ඇතුළත් කිරීමට අවසර ලැබී ඇත.
පසුගිය වර්ෂයේ රග්බි ලීග් තරගාවලියේදී මහනුවර ක්‍රීඩා සමාජය (Kandy SC) ශූරතාවය දිනා ගත් අතර, හැව්ලොක් ක්‍රීඩා සමාජය (Havelocks SC) අනුශූරයන් ලෙස තරගාවලිය නිමා කළා.

Social Plugin