ජපානයේදී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග එහි 7වන ස්ථානය දිනාගැනීමට සමත් විය.
මෙහිදී රුමේෂ් මීටර 84.38ක දක්ෂාවක් දැක්වීමට සමත් විය.
2003 වසරේ උපත ලබා ඇති රුමේෂ් තරංග මෙම අවසන් තරගයට සහභාගී වූ ලාබාලතම ක්‍රීඩකයා වීම විශේෂත්වයක්. එසේම ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් මලල ක්‍රීඩා ලෝක ශූරතා තරගාවලියක අවසන් තරගයට තේරී පත් වූ පළමු පිරිමි ක්‍රීඩකයාද වෙනවා.
ඔහු මෙම අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ අතිශය තීරණාත්මක ලෙසයි. සුදුසුකම් ලැබීමේ වටයේදී මීටර් 82.80ක දක්ෂතාවක් දක්වමින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන් දොළොස් දෙනා අතරින් 12 වැනි ස්ථානයට පත් වීමට ඔහුට හැකි වුණා.
මෙම තරගයේ රන් පදක්කම දිනාගනු ලැබුවේ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ රාජ්‍යයේ ක්‍රීඩක කෙෂෝන් වෝල්කොට් (Kesho WALCOTT) විසින්. ඔහු මීටර් 88.16ක දස්කමක් දැක්වූ අතර එය ඔහුගේ එම වසරේ හොඳම දක්ෂතාවය ලෙසද සටහන් වුණා.
ග්‍රෙනාඩා රාජ්‍යය නියෝජනය කළ ඇන්ඩර්සන් පීටර්ස් (Anderson PETERS) මීටර් 87.38ක දක්ෂතාවයක් සමගින් රිදී පදක්කම හිමිකරගත් අතර ඇමරිකා එක්සත් ජනපදයේ කර්ටිස් තොම්සන් (Curtis THOMPSON) මීටර් 86.67ක දස්කමක් දක්වමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.
Social Plugin