එක්දින ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවෙයි! එංගලන්තය, දකුණු අප්‍රිකාව පරදා කණ්ඩායමක් ලැබූ දැවැන්තම ජය ලබයි!


එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 342ක දැවැන්ත ජයක් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම අද (07) සමත් වුණා.

ඒ අනුව මෙම ජයග්‍රහණය පිරිමි එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු පරතරය අනුව වාර්තා වූ විශාලතම ජයග්‍රහණය ලෙස ඉතිහාසයට එක්වනු ඇති.

මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 414ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට සියලු කඩුලු දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 72ක් පමණයි.