සිම්බාබ්වේ පන්දු හමුවේ ශ්‍රී ලංකාව අසරණ වෙයි! ඉතිහාසයේ දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී යයි!


සංචාරක ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවැනි එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 80ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ පන්දුවාර 17යි පන්දු 04ක් අවසානයේ කඩුළු සියල්ල දැවී යාමෙන්.

තරගය ආරම්භ‍යේ සිටම දුර්වල පිතිකරණයක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුළු 05ම ලකුණු 50 ඇතුළත බිඳ වැටුණා.

එහිදී, පැතුම් නිස්සංක ලකුණු 08ක්ද, කුසල් මෙන්ඩිස් එක් ලකුණක්ද, කමිල් මිෂාර ලකුණු 20ක්ද, නුවනිඳු ප්‍රනාන්දු එක් ලකුණක්ද, නායක චරිත් අසලංක ලකුණු 18ක්ද, දසුන් ශානක ලකුණු 15ක්ද, මහීෂ් තීක්ෂණ ලකුණු 06ක්ද රැස් කළා.

එමෙන්ම කමිඳු මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර කිසිඳු ලකුණක් නොලබා දැවී ගියා.

පන්දු යැවීමේදී, Sikandar Raza කඩුළු 03ක්ද, Blessing Muzarabani කඩුළු 02ක්ද, Brad Evans කඩුළු 03ක්ද, Sean Williams කඩුළු 01ක්ද දවාගත්තා.

පිළිතුරු ඉලක්කය ලෙස ලකුණු 81ක ඉලක්කයක් සිම්බාබ්වේ කණ්ඩායමට හිමියි.

මෙය වාර්තා පොත් අතරට එක් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් විස්සයි විස්ස තරගයකදී වාර්තා කළ දෙවන අඩුම ලකුණු ලකුණු සංඛ්‍යාව ලෙසයි.