79 වැනි බ්‍රැඩ්බි පළිහ රාජකීය විදුහලට


අද (06) කොළඹදී පැවති 79 වැනි බ්‍රැඩ්බි පළිහ දෙවැනි රග්බි තරගයෙන් ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම විසින් කොළඹ රාජකීය විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 08-03ක් ලෙස පරාජය කළද, සමස්ත ලකුණු එකතුව අනුව බ්‍රැඩ්බි පළිහ හිමිකර ගැනීමට රාජකීය විද්‍යාලය සමත් වුණා.

පළමු‍ රග්බි තරගයේදී ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව සැලකිය යුතු ලකුණු පරතරයකින් ජයග්‍රහණය කිරීමට රෝයල් විද්‍යාලය සමත් වූ නිසා, සමස්ත ලකුණු එකතුව අනුව ඔවුන්ට මෙවර බ්‍රැඩ්බි පළිහ හිමි වුණා.