යාපනයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක්


යෝජිත යාපනය නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම්‍ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුල්ගල තබා තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, වර්තමානය වනවිට අප රටට අවශ්‍යව ඇත්තේ සිංහල, දෙමිළ, මුස්ලිම් යන සියලු ජාතීන් නියෝජනය කරන ජාතික ක්‍රිකට් කණ්ඩායමක් බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) යාපනයේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන් කිහිපයක් සඳහා  සහභාගි වී තිබුණා.