දසුන් ශානකගේ ගිණිකෙළි සංදර්ශනය ශ්‍රී ලංකා පිලට අස්වැසිල්ලක් ගෙන දෙයි


ආසියානු කුසලානයේ සුපිරි හතර දෙනාගේ වටයේ පළමු තරගය ලෙසින් අද පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 168ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී යාමෙන් වන අතර, ඒ අනුව බංග්ලාදේශයට පිළිතුරු ඉනිම සඳහා ලකුණු 169ක ඉලක්කයක් හිමියි.

අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ, පැතුම් නිස්සංක ලකුණු 22ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 34ක්ද, කමිල් මිෂාර ලකුණු 05ක්ද, කුසල් පෙරේරා ලකුණු 16ක්ද, නායක චරිත් අසලංක ලකුණු 21ක්ද, කමිඳු මෙන්ඩිස් එක් ලකුණක්ද, වනිඳු හසරංග ලකුණු 02ක්ද, රැස් කළා.

මෙහිදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ දසුන් ශානක පන්දු 37කදී නොදැවී ලකුණු 64ක් රැස් කළා.

පන්දු යැවීමේදී බංග්ලාදේශය වෙනුවෙන් Mahedi Hasan කඩුළු 02ක්ද, Taskin Ahmed කඩුළු 01ක්ද, Mustafizur Rahman කඩුළු 03ක්ද දවාගත්තා.