ශ්‍රී ලංකා සහ කොදෙව් 19 පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග හතකින් යුත් එක්දින තරගාවලියේ 5වැනි තරගයේදී ශ්‍රී ලංකා පිල කඩුලු 2කින් පරදවමින් තරග 3-2ක් ලෙස පෙරමුණ ගැනීමට කොදෙව් 19න් පහළ පිල සමත්වී තිබෙනවා.
කාසියේ වාසිය දිනාගත් කොදෙව් පිලේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් පිලට කොදෙව් යොවුන් පිලේ ප්‍රබල පන්දු යැවීම හමුවේ පන්දුවාර 48කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 172ක් පමණයි.
ශ්‍රී ලංකා පිතිකරුවන්ට සාර්ථකත්වයට පත්වීමට කොදෙව් පන්දු යවන්නන්ගෙන් කිසිදු ඉඩක් නොලැබුණු අතර, ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු දිමන්ත මහවිතාන ලකුණු38ක් රැස්කළේය.
ශ්‍රී ලංකා පිලට එරෙහිව දක්ෂ පන්දු යැවීමක නිරතවූ ඒඩියන් රාචා ලකුණු 37 කට කඩුලු 3ක් බිඳ හෙලීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් පිල පන්දුවාර 47.4කදී කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 173ක් රැස්කළේය. කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් බවට පත් වූ එර්ෂිනෝ ෆොනටේන් ලකුණු 48ක් හා මිකා ග්‍රින්ජ් ලකුණු 40ක් රැස් කළා.
තරගාවලිය ජය ගැනීම වෙනුවෙන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙකම ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් පිලට සිදු වෙයි.
Social Plugin