ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟින් එක්වෙයි


ලසිත් මාලිංග අද දිනයේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයේ පුහුණු සැසි වෙනුවන් එක්වී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ බලා පිටත්ව යන තෙක් මාලිංග කණ්ඩායමේ වේග පන්දු යවන්නන් සමඟ කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම අගෝස්තු 22 වන දින සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිතයි.

එම සංචාරයට එක්දින තරග දෙකක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුළත් වේ.