සිම්බාබ්වේ තරග සංචාරයේදී නවකයින්ට ලැබෙන අවස්ථාව


සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගාවලිය වෙනුවන් ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. තරගාවලිය සහ ආසියානු කුසලානය පිළිබදව නායක චරිත් අසලංක මාධ්‍ය වෙත මෙලෙසින් අදහස් දැක්වූවා.

"සිම්බාබ්වේ සංචාරය අපිට ආසියානු කුසලානයට හොද සූදානමක් වෙයි. කලිනුත් අපේ රටේ විස්සයි විස්ස තරගාවලියක් ක්‍රීඩා කළා. අපි ඒක කරේ ආසියානු කුසලානයටත් ලෝක කුසලානයටත් සූදානමක් විදිහට.

සිම්බාබ්වේ තරගාවලියේදී අඩුපාඩු හදාගෙන 100%කින් යුතු කණ්ඩායමක් විදිහට ආසියානු කුසලානයට යන්න බලාපොරොත්තු වෙනවා. මේ තරගාවලිය හොද අවස්ථාවක් හැමෝටම රිද්මයට එන්න. ලෝක කුසලානයට සූදානම් වෙන එක තමයි අපිට තියෙන ප්‍රධාන අභියෝගය.

හැකි අවස්ථාවල පුහුණුකරුවන්, තේරීම් කමිටුව එක්ක කතා කරලා නවකයන්ට අවස්ථාව දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගොල්ලෝ සුදුසු නිසා තමයි කණ්ඩායමට ඇතුල් කරලා තියෙන්නේ. බලාපොරොත්තුවෙන් ඉන්නවා ඒගොල්ලෝ හොදින් ක්‍රීඩා කරයි කියලා.

ලොකු විශ්වාසයක් තියෙනවා කණ්ඩායම ඇතුළෙම. මොකද 2022 අපි ආසියානු කුසලානය ජයග්‍රහණය කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී. 2022 ඉඳන් මේ කණ්ඩායමේ ගොඩක් ක්‍රීඩකයන් එහේ ක්‍රීඩා කරනවා. ඒක ලොකු අත්දැකීමක් වෙයි ආසියානු කුසලානයට."