15න් පහළ ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායමට විශිෂ්ට ජයක්


වයස අවුරුදු 15න් පහළ BFA ආසියානු කුසලාන බේස්බෝල් තරඟාවලියේ දෙවන ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (22) සමත් වුණා.

ඒ ලකුණු 9ට 5ක් ලෙසින් පාකිස්තාන කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරගය අවසානයේදී ලකුණු සම තත්වයේ අවසන් වූ බැවින් අමතර ඉනීමක් ක්‍රීඩා කිරීමට සිදුවූ අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩයන් ලකුණු 4ක් රැස්කරද්දී පාකිස්තානයට කිසිදු ලකුණක් රැස්කිරීමට හැකි වූයේ නැහැ.