ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සෞදි අරාබියේ අල් නසාර් කණ්ඩායම සමගින් එකතු වෙලා මේ වෙද්දි අවුරුදු 2 මාස 8 කට අධික කාලයක් ගත වෙනවා.
නමුත් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තවමත් අල් නසාර් සමගින් ප්‍රධාන පෙළේ ශූරතා කිසිවක් ජයග්‍රහණය කිරීමට සමත් වෙලා නෑ.
ඔහුට ඒ සඳහා ඊයේ සෞදි සුපර් කුසලාන අවසන් තරගයේදී උදා වූ අවස්ථාවද ගිලිහුණා.
මෙවර සෞදි සුපර් කුසලාන අවසන් තරගයට අල් නසාර් සමගින් අල් අහ්ලි කණ්ඩායම් තරග වැදුණා.
තරගයේ නියමිත කාලය තුළදී දෙපිලම 2-2 ලෙස සම තත්වයේ පසු වූ බැවින් තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා දඬුවම් පහර වටයක් ක්‍රියාත්මක කළා.
එහිදී දඬුවම් පහර 5-3 ක් ලෙස තරගය අල් අහ්ලි සෞදි කණ්ඩායම ජයග්‍රහණය කළා.
ඒ අනුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ට තම පළමු සෞදි ප්‍රධාන කුසලානය වෙනුවෙන් දැන් තවත් කාලයක් බලා සිටීමට සිදු වනවා.
Social Plugin