ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ඨ පිතිකරුවෙක් ක්‍රිකට් පිටියෙන් සමුගනී


ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්දියාව වෙනුවෙන් සේවය කළ විශිෂ්ට ක්‍රීඩකයෙකු වන චෙටේෂ්වර් පුජාරා සියලු ආකාරයේ ක්‍රිකට් තරගවලින් විශ්‍රාම යන බව අද (24) නිවේදනය කර තිබෙනවා.

පුජාරා දිගු කලක් ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් කණ්ඩායමට තරග සඳහා තෝරා නොගත් පසුබිමක මෙම තීරණයට එළඹීම විශේෂයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) තරුණ විකල්ප සලකා බැලීම සිදු කරමින් සිටින පසුබිමක පුජාරා සිය එක්ස් මාධ්‍ය ගිනුමේ සටහනක් තබමින් පැවසුවේ ඉන්දියානු ජර්සිය ඇඳ, ජාතික ගීය ගායනා කරමින්, පිටියට පා තබන සෑම අවස්ථාවකම තමන් සිය උපරිමය ඉටු කළ බවයි.

ඔහු ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 103කදී ලකුණු 7195ක් රැස් කර තිබෙනවා. ඊට ශතක 19ක් හා අර්ධ ශතක 35ක් ඇතුළත්.