ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් තරග ගැන ඉන්දීය රජය ගත් තීරණය


ද්වි-පාර්ශ්වික ක්‍රීඩා තරඟ සඳහා පාකිස්ථානයට සංචාරය කිරීමෙන් හෝ පාකිස්ථානය සත්කාරකත්වය දරන තරඟාවලිවලට සහභාගී වීමෙන් ඉන්දියාව වැළකී සිටියද, පාකිස්ථානයද සහභාගී වන බහු-ජාතික ක්‍රීඩා ඉසව් සඳහා ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ කණ්ඩායම්වලට සහභාගී විය හැකි බව ඉන්දීය රජය නිවේදනය කර තිබෙනවා.

මෙම නව තීරණයට අනුව, එළඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත පිරිමි ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහ ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලාන තරඟාවලියට ඉන්දියාවට සහභාගී වීමට අවස්ථාව හිමිවනු ඇති.

එමෙන්ම, ඉන්දියාව සත්කාරකත්වය දරන බහු-ජාතික තරඟාවලි සඳහා පාකිස්ථාන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද සහභාගී වීමට අවසර ලැබෙන බව ඉන්දීය යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන්.