අලුත් සාමාජිකයෙක් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ බලා පිටත්ව යයි


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (23) අලුයම සිම්බාබ්වේ බලා පිටත්ව ගියා.

තරගාවලිය සඳහා පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආගමික වතාවත් සඳහා එක් වුණා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ අතර පළමු එක්දින තරගය ලබන 29 වනදා පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර ඇති අතර, නවක ක්‍රීඩකයෙක්වන පවන් රත්නායකට මෙම සංචිතයේ ඉඩ වෙන් වී තිබෙනවා.