පිරිමි රිටි පැනීමේ ඉසව්වේ ලෝක වාර්තාව 13 වැනි වරටත් අලුත් කරන්නට පියාඹන මිනිසා ලෙසින් හඳුන්වන ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලාන්ටිස්ට හැකියාව ලැබුණා.මන්ඩෝ ලෙසින් ලොවක් ආදරය කරන ආමන්ඩ් ඩුප්ලාන්ටිස් මෙවර පිරිමි රිටි පැනිමේ ඉසව්වේ ලෝක වාර්තාව පිහිටුවූයේ මීටර 6යි දශම 29ක උසක් තරණය කරමින්.
හංගේරියානු ගොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී මෙම සුපිරි දස්කම මන්ඩෝ දක්වද්දී ඔහු මෙම වසරේදී රිටි පැනීමේ ලෝක වාර්තාව අලුත් කළ තෙවැනි අවස්ථාව ද මෙයයි.
2020 වසරේදී පිරිමි රිටි පැනීමේ ලෝක වාර්තාව පිහිට වූ ආමන්ඩ් ඩුප්ලාන්ටිස් එතැන් සිට පසුගිය වසර 5 තුළදී රිටි පැනීමේ ආධිපත්‍යය තමන් සතු කර ගනිමින් අවස්ථා 13කදී සිය ලෝක වාර්තාව අලුත් කරන්නට සමත් වීමත් කැපී පෙනෙනවා.
Social Plugin