එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරය වෙනුවන් එක්වන ශ්‍රී ලංකා එක්දින සංචිතයට පවන් රත්නායක සහ නුවනිදු ප්‍රනාන්දු කැඳවීමට නියමිත බව වාර්තා වේ.
නුවනිදු ප්‍රනාන්දු මින් පෙර ආරම්භක පිතිකරුවෙක් ලෙසින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවන් ක්‍රීඩා කොට ඇති අතර පවන් රත්නායක එක්දින සංචිතයට කැදවුම් ලබන්නේ පළමු වරටයි.
සිම්බාබ්වේ සංචාරයට අදාළ එක්දින තරගාවලියට තරග 2ක් ඇතුලත්. මෙම තරග අගෝස්තු 29, 31 යන දෙදින තුළ හරාරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
Social Plugin