ක්‍රිකට් කවුන්සිලයේ දෙවැනි ලොකුම පුටුවත් ඉන්දියාවට


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) ලෙස සංජෝග් ගුප්තා පත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු ICC හි හත්වන ප්‍රධාන විධායක නිලධාරීයා බවට පත් වනු ඇත.

ඔහුගේ පත් කිරීම පිළිබඳව ICC සභාපති ජේ ෂා පවසා ඇත්තේ, "සංජෝග් ගුප්තා ICC හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් කර ඇති බව නිවේදනය කිරීමට මම සතුටු වනවා. සංජෝග් ක්‍රීඩා උපාය මාර්ග සහ වාණිජකරණය පිළිබඳ පුළුල් අත්දැකීම් ගෙන එන අතර එය ICC සඳහා මිල කළ නොහැකි වනු ඇති" යනුවෙන්.