යෙවාන් ඩේවිඩ් මෝටර් රථ ධාවන ඉතිහාසය අලුත් කරයි! යුරෝ ෆෝමියුලා තරගාවලියේ දෙවැනි තැනට!


ශ්‍රී ලංකාවේ ධාවන ශූර යෙවාන් ඩේවිඩ් යුරෝෆෝමියුලා ඕපන් 2025 රියදුරන්ගේ ශූරතාවලියේ (Drivers' Championship of the Euroformula Open 2025) දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

ඩේවිඩ් මේ වන විට ලකුණු 194ක් ලබාගෙන තිබෙන අතර ඔහු තම මොටෝපාර්ක් (Motopark) කණ්ඩායමේ සගයා වන දකුණු කොරියාවේ මයිකල් ෂින්ට වඩා ලකුණු හතරක් පසුපසින් සිටියි.

මෙම තත්ත්වය හංගේරියාවේ හංගාරෝරින් (Hungaroring) පරිපථයේදී යුරෝෆෝමියුලා ඕපන් හතරවන වටය අවසන් වීමෙන් පසුවයි වාර්තා වී ඇත්තේ.

යෙවාන් ඩේවිඩ් ජූලි 19 සිට 20 දක්වා ප්‍රංශයේ සර්කිට් පෝල් රිකාඩ් (Circuit Paul Ricard) හිදී පැවැත්වෙන යුරෝෆෝමියුලා ඕපන් හි පස්වන වටයට නැවත තරඟ කිරීමට නියමිතයි.