දකුණු අප්‍රිකා කණ්ඩායම හා සිබ්බාබ්වේ කණ්ඩායම සමඟ මේ වන විට පැවැත්වෙන ටෙස්ට් තරගයේදී ලකුණු 350 සීමාව ඉක්මවා යාමට දකුණු අප්‍රිකා ක්‍රීඩක Wiaan Mulder සමත් වුණා.

ඒ අනුව දකුණු අප්‍රිකාව වෙනුවෙන් වාර්තා කළ වැඩිම ටෙස්ට් ලකුණු වාර්තාව තමන් සතු කර ගැනීමටද ඔහු සමත් වුනා.

ඔහු පන්දු 334 ක් තුළ නොදැවී ලකුණු 367 ක් වාර්තා කළ අතර, ඒ සඳහා හයේ පහර 04 ක් හා හතරේ පහර 49 ක් ඇතුළත් වුණා.

දෙවන දිනය වන අද දිනයේ දිවා විවේකයෙන් පසු දකුණු අප්‍රිකානු පළමු ඉනිම අත්හිටවනු ලැබුණු අතර, ඔවුන් ඒ වන විට කඩුලු 05 ක් දැවී ලකුණු 626 ක් ලබා සිටියා.