බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු එක්දින තරගාවලිය අතරමැද හදිසියේම ලංකාවෙන් පිටව යයි


ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය අතරතුර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ෆිල් සිමන්ස් ලන්ඩන් බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ කළින් නියම කර ගත් වෛද්‍ය උපදේශන කටයුතු වෙනුවෙන්.

ඒ, අනුව එම ප්‍රතිකාරවලින් අනතුරුව ඔහු ලබන 08 වනදා පැවැත්වෙන අවසන් එක්දින තරගයට පෙර ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

ඔහු මේ සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සාකච්ඡාකර ශ්‍රී ලංකාව සමඟ තරගාවලියට ආරම්භවීමට පෙර ඊට අනුමැතිය ලබාගෙන තිබුණා.