ඕස්ට්‍රේලියා 'ඒ' කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින තරඟයෙන් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම ලකුණු 51ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළා.
ඩාවින්හිදී අද (06) පැවති මෙම තරඟයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 294ක් රැස් කරනු ලැබුවා.
ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම වෙනුවෙන් නුවනිදු ප්‍රනාන්දු පන්දු 90කින් ලකුණු 82ක් රැස් කළ අතර, ලසිත් කෲස්පුල්ලේ පන්දු 70කින් ලකුණු 63ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී ජැක් නිස්බෙට් සහ සෑම් එලියට් කඩුලු 2 බැගින් දවා ගත්තා.
ලකුණු 295ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියා 'ඒ' කණ්ඩායමට පන්දුවාර 41.1ක් අවසානයේ සියලුම කඩුලු දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 243ක් පමණයි.
මැතිව් රෙන්ෂෝ පන්දු 75කින් ලකුණු 106ක් රැස් කරමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළද, ලියම් ස්කොට් ලකුණු 53කට දැවී ගියා.
ශ්‍රී ලංකා 'ඒ' පන්දු යවන්නන් අතරින් ප්‍රමෝද් මදුෂාන් ලකුණු 37කට කඩුලු 4ක් ද, මොහොමඩ් ශිරාස් ලකුණු 35කට කඩුලු 3ක් ද දවා ගැනීමට සමත් වුණා.
Social Plugin