බංග්ලාදේශය ඉදිරියේ ශ්‍රී ලංකාවා තබා තිබූ අඛණ්ඩ වාර්තාව බිඳ වැටෙයි


ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග එකට එකක් ලෙස සම කරන්නට බංග්ලාදේශ කණ්ඩායමට ඊයේ (05) සමත් වුණා.

ඒ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති දෙවන එක්දින තරගය ලකුණු දහසයකින් ජයගනිමින්.

මේ අතර දෙරට අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී එක්දින තරග 12ක් ක්‍රීඩා කර ඇති අතර, ඉන් තරග 11ක් අඛණ්ඩව ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිව තිබුණා.

කෙසේ වෙතත් ඊයේ (05) පැවති එක්දින තරගය ජයගත් බංග්ලාදේශය ශ්‍රී ලංකාව ප්‍රේමදාස පිටියේ පවත්වාගෙන ආ එම අඛණ්ඩ වාර්තාව බිඳ වැටුණා.