රුමේෂ් තරංගට ලෝකඩ පදක්කමක්


ලොව ප්‍රමුඛතම හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැති Neeraj Chopra Classic තරඟාවලියේදී, ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්වුණා.

ඔහු එහිදී දැක්වූ දක්ෂතාවය මීටර් 84.34කි.

මෙම තරඟාවලිය ඉන්දියාවේ ඔලිම්පික් රන් පදක්කම්ලාභී Neeraj Chopraගේ නාමය යටතේ පැවැත්වුණු අතර, එය හෙල්ල විසි ක්‍රීඩාවේ ජාත්‍යන්තර මට්ටමේ ඉහළම තරඟවලින් එකක් ලෙස සැලකේ.