ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග එක්දින අන්තර්ජාතික ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම කඩුලු 100 සහ ලකුණු 1000 ලබාගත් ක්‍රීඩකයා බවට පත්වීමට ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී බංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයේදී ඊයේ(05) සමත් වුණා.
27 හැවිරිදි වනිදු තරග 65 කදී මෙම සන්ධිස්ථානයට ළඟා වූ අතර, තරග 68 කදී එම ලකුණට ළඟා වූ හිටපු දකුණු අප්‍රිකානු තුන්ඉරියව් ක්‍රීඩක ෂෝන් පොලොක් අභිබවා ගියේය.
මෙම ජයග්‍රහණයත් සමඟ, එක්දින ඉතිහාසයේ කඩුලු 100ක් හා ලකුණු 1000 සුවිශේෂී සමාජයට ඇතුළු වූ 70 වැනි ක්‍රීඩකයා බවට හසරංග පත් විය.
තරගාවලියේ පළමු එක්දින තරගයේදී හසරංග දැනටමත් ලකුණු 1000 සීමාව පසු කර තිබුණද, දෙවැනි තරගයේදී ඔහු සිය 100 වැනි එක්දින කඩුල්ල සම්පූර්ණ කළේය.
එක් එක්දින තරගයකදී මෙම සන්ධිස්ථාන දෙකම සම්පූර්ණ කළ එකම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස දකුණු අප්‍රිකාවේ ෂෝන් පොලොක්ගේ නම සටහන්ව ඇත.
Social Plugin