සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක මෙහිදි හසන් මිරාස් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්වාර 45යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 248ක් රැස් කළේය.
මෙහිදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පර්වේස් හුසේන් එමොන් ලකුණු 67ක් රැස් කළ අතර ටෝහිඩ් හ්‍රිඩෝයි ලකුණු 51ක් රැස්කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු කඩුලු 04ක් දවා ගත් අතර වනිඳු හසරංග කඩුලු 03 දවාගත්තේය.
තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම හිමිව ඇති ඉලක්කය ලකුණු 249කි.
Social Plugin