එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 336ක දැවැන්ත ජයක් ලැබීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද (6) සමත් විය.
මෙම තරගයේදී ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා බවට පත් වූ ශුම්බන් ගිල් ටෙස්ට් ක්‍රිකට් තරගයකදී පිතිකරුවෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවේ දෙවන ස්ථානයට පැමිණීමට සමත් වුණා.
පළමු ඉනිමේ ලකුණු 269ක් හා දෙවන ඉනිමේ ලකුණු 161ක් ලෙස ඉනිම් ද්විත්වයේ ලකුණු 430ක් රැස්කරමින් ඔහු මෙම සුවිශේෂී කඩඉමට ළඟා විය.
ඒ අනුව ඔහුට තවත් ලකුණු 26ක් රැස්කිරීමට හැකිවූවා නම් වසර 35කට වැඩි කාලයක සිට නොබිඳී තිබෙන එංගලන්තයේ ග්‍රැහැම් ගූච්ගේ වාර්තාව බිඳදැමීමට හැකියාව තිබුණි.
ගූච් එම වාර්තාව පිහිටා ඇත්තේද ඉන්දියාවට එරෙහිව 1990 වසරේ පැවති තරගයකදීය.
ගිල් දැක්වූ මෙම දක්ෂාවත් සමග ඔහු ටෙස්ට් තරගයකදී ලකුණු 400කට වැඩියෙන් රැස්කළ 5වන පිතිකරුවා බවටද පත්විය.
ගූච් හා ගිල්ට අමතරව එම දස්කම දක්වා තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ මාක් ටේලර් (426), කුමාර් සංගක්කාර (424) හා බ්‍රයන් ලාරා (400) විසින් පමණි.
Social Plugin