බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 176කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා.
ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 204ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 27ක් පමණි.
මෙය වාර්තා පොත් අතරට එක් වූයේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කර ගත් දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
ටෙස්ට් ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාව වන්නේ, 1955 වසරේ දී එංගලන්ත කණ්ඩායමේ පන්දු යැවීම හමුවේ නවසීලන්තය ලකුණු 26කට සීමාවීමයි.
මේ අතර කොදෙව් දෙවන ඉනිමේදී පිතිකරුවන් 7දෙනෙක්ම ලකුණු නොලබා දැවී යාමද විශේෂත්වයක් වන අතර ටෙස්ට් ඉනිමකදී වැඩිම පිතිකරුවන් සංඛ්‍යාවක් ලකුණු නොලබා දැවී ගිය කණ්ඩායම ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉතිහාසගත වුණා.
ස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් වේගකාරී පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 9කට කඩුලු 6ක් දවා ගත්තේය.
ඔහුට මුල් කඩුලු 5 දවා ගැනීමට වැය වූයේ පන්දු 15ක් පමණයි.
එය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දවාගත් වේගවත්ම කඩුලු 5 ලෙස ඉතිහාසගත විය.
Social Plugin