බංග්ලාදේශය සමග එළැඹෙන අගෝස්තු මස පැවැත්වීමට තිබූ සීමිත පන්දුවාර තරගාවලිය ලබන වසරේ සැප්තැම්බර් මස දක්වා කල් දමා ඒ වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායම සමග සීමිත පන්දුවාර තරගාවලියකට මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවන බව ඉන්දීය ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරයි.
මේ අනුව ශ්‍රී ලංකාව සමග එක්දින ජාත්‍යන්තර තරග 3ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 3කින් යුත් තරගාවලියකට ඉන්දීය කණ්ඩායම අගෝස්තු මස මෙරටට පැමිණීමට නියමිත අතර මේ සඳහා යෝජනාවක් මින් පෙර ශ්‍රී ලංකාව වෙතින් ඉන්දියාවට ඉදිරිපත්ව ඇතැයිද පැවැසේ. ලංකා ප්‍රිමියර් ලීගයේ කල් යාමත් සමග ඇතිවූ තරගාවලි රික්තකය මගහරවා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව මෙම යොජනාව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ඉදිරිපත් කොට ඇත.
නිල වශයෙන් ඉන්දියාව මෙම තරගාවලිය සැලසුම් කොට නොතිබුණද, බංග්ලාදේශ සංචාරය ඔවුන් කල් දැමීමත් සමග මෙම සැලසුම් ක්‍රියාවට නැංවීමට ඔවුහු සූදානමින් සිටිති. අගෝස්තු මස 29 වැනිදා සිට ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා පිලේ ශ්‍රී ලංකා සංචාරය සඳහා කණ්ඩායම පිටත් වීමට නියමිත බැවින් ඉන්දියාව සමග තරගාවලිය බොහෝ විට අගෝස්තු මස මැදදී පැවැත්වීමට සැලසුම් වනු ඇත.

Social Plugin