එංගලන්තයේ ප්‍රමුඛතම පාපන්දු කණ්ඩායම වන චෙල්සි කණ්ඩායම, මෙවර පැවති FIFA ක්‍රීඩා සමාජ ලෝක කුසලාන (FIFA Club World Cup) තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට සමත් වුණා.
අවසන් මහා තරඟයේදී චෙල්සි කණ්ඩායම ප්‍රංශයේ PSG කණ්ඩායම ගෝල 3-0කින් පරාජය කරමින් ශූරතාව දිනා ගත්තා.
මෙම තරගාවලියේ ශූරතාවය සමඟ ඩොලර් මිලියන 40ක ප්‍රධාන මුදල් ත්‍යාගයක්ද චෙල්සි කණ්ඩායමට හිමි වුණා.
ඒ අනුව තරගාවලිය පුරාවට ලබාගත් ජයග්‍රහණ සඳහා මුළු වශයෙන් අ.ඩො.මි. 129.5ක් චෙස්ලි කණ්ඩායමට හිමි වුණ අතර, එය මෙරට වාණිජ අගය අනූව රු. බිලියන 38කට අධික මුදලක්.
PSG කණ්ඩායමට මෙවර තරඟාවලිය ලබාගත් ජයග්‍රහණ සඳහා අ.ඩො.මි. 107.7 ක මුදලක් හිමි විය.
මෙවර FIFA Club World Cup තරඟාවලිය 2025 ජූනි 14 ආරම්භවූ අතර, ලොව පුරා සිටි කලාප 6කින් නියෝජනය වූ කණ්ඩායම් 32ක් තරඟයට එක්වුණා.

Social Plugin