ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ ලැයිස්තුවක පෙරමුණ ගැනීමට කමිඳු මෙන්ඩිස් සමත් වෙයි

ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 1000ක් වාර්තා කළ පිතිකරුවන් අතරින්, වැඩිම පිතිකරණ සාමාන්‍යක් සහිත පිතිකරුවන්ගේ ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට කමිදු මෙන්ඩිස් සමත්ව තිබෙනවා.

ඒ 62.67ක පිතිකරණ සාමාන්‍යක් රඳවා ගනිමින්.

ඔහුට පසුව පිළිවලින් නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන් (61.34) , එංගලන්ත ක්‍රීඩක හැරී බෲක් (53.80), එංගලන්ත ක්‍රීඩක ජේමි ස්මිත් (53.05), එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් (52.61) යන ක්‍රීඩකයන් රැඳී සිටිනවා.

ICC විසින් නිකුත් කළ නිවේදනයක මෙම තොරතුරු සඳහන් වෙනවා.