ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ අසාර්ථක වෙයි


ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (2) පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

එම තීරණයට සාධාරණයක් ඉටු කිරීමට ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන්ට නොහැකි විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුළු 3ම ලකුණු 29ක් තුළ බිඳ වැටීම ඊට හේතූ විය.

පැතුම් නිස්සංක හා කමිදු මෙන්ඩිස් යන දෙදෙනාම ලකුණු ලබා ගැනීමට පෙරම ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් විය.

නිශාන් මදුෂ්ක, ටස්කින් අහමඩ්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ලකුණු 6ක් ලබා සිටියදීය.