සොනාල් දිනූෂ රැකගත් ලොවම මවිත කළ සුපිරි උඩ පන්දුව (වීඩියෝ සහිතයි)


සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා A කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් තරගයේ 3 වන දිනයේදී සොනාල් දිනුෂ රැකගත් සුපිරි උඩපන්දුවක් පිළිබඳව සියල්ලන්ගේ අවධානය යොමුව තිබෙනවා.

ඩාවඞ්සන් හී දී ආරම්භ වු මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම ඉනිමට සියල්ලන් දැවී ලකුනු 272 ක් රැස් කළා.

එහිදී ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වූ සොනාල් දිනූෂ අනඝර් ශතකයක් රැස් කරමින් පන්දු 148 ක් තුල නොදැවී ලකුනු 105 ක් රැස්කිරීමට සමත් වුණා.

එයට පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියා A කණ්ඩායම සිය ප්‍රථම ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුනු සංඛ්‍යාව 486ක් රැස් කළා.

පන්දු යැවීමෙන්ද දක්ෂතා දැක් වූ සොනාල් දිනූෂ කඩුලු 4 ක් බිඳ හෙලූ අතර ප්‍රමෝද් මධුශාන් කඩුලු 3 ක් හා නිශාන් පීරිස් කඩුලු 2 ක්  දවා ගත්තා.

තෙවන දිනය නිමාවට පත්වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම් එක් කඩුල්ලක් බිඳ වැටී රැස්කර සිටි ලකුනු සංඛ්‍යාව 49 ක්.

සොනාල් දිනූෂ රැකගත් උඩ පන්දුව පහතින්.