තීරණාත්මක අවසන් තරගයට ශ්‍රී ලංකා රග්බි පිල නම් කරයි


2027 රග්බි ලෝක කුසලාන සඳහාද සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන ආසියානු රග්බි ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තෙවැනි සහ අවසන් තරගය ලෙස හෙට (4 ) කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්වීමට නියමිත එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි තරගය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (2) නිවේදනය කළා.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනෙහි අවසන් ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායමට රග්බි ලෝක කුසලාන සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමිව තිබෙන නමුත් එක්සත් අරාබි එමීර් කණ්ඩායමට ඒ සඳහා තවමත් බලාපොරොත්තුවක් ඉතිරිව පවතී.

කෙසේ වෙතත් හෙට තරගය ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනෙහි තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව පවතී.

හෙට තරගය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතය පහතින්,

තරින්ද රත්වත්තේ (නායක), ලසිඳු කරුණාතිලක (උප නායක), මලිත විජේසුන්දර, ශාමික කෞෂාන්, විමුක්ති ගමගේ, නවීන් මාරසිංහ, තිළිණ බණ්ඩාර, නිස්රාන් නිල්ලර්, තරිඳු චතුරංග, දුෂ්මන්ත ප්‍රියදර්ශන, පුලස්ති දසනායක, නිරෝෂ් පෙරේරා, අම්ජාඩ් ෆවුමි, දිල්ෂාන් ජය, චතුර සොයිසා, මොහොමඩ් රිෆාන්, දිනාල් ඒකනායක, ආකාෂ් මධුසංක, ඇඩම් ගෞඩර්, පසිඳු බණ්ඩාර, මුර්ෂිද් දොරේ, ෂාහිඩ් සුම්රි, ප්‍රමේෂ් ධනුෂ්ක, තෙනුක නානායක්කාර, නවීන් කණිෂ්ක