37 හැවිරිදි බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කර තිබෙනවා.
ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරඟ පහකින් යුත් 20-20 තරගාවලියේ ආරම්භක තරඟ දෙක අවසානයේදී ඔහු සමුගැනීමට නියමිත බවයි නිවේදනය කර තිබෙන්නේ.
37 හැවිරිදි රසල් සංචිතයට ඇතුළත් කර ඇති අතර, ජැමෙයිකාවේ සබීනා පාර්ක් හි ඔහුගේ නිජබිම් ක්‍රීඩාංගණයේදී ඔහුගේ සමුගැනීමේ තරග දෙක පැවැත්වැත්වෙන බව සඳහන්.
2010 වසරේදී T20 ජාත්‍යන්තර ක්‍රීඩාවට පිවිසුණු රසල්, තරඟ 74ක් සඳහා ක්‍රිඩාකර ඇති අතර, ඔහු ලකුණු 884ක් රැස් කර, කඩුලු 46ක් ද දවා ගැනීමට සමත්ව තිබෙනවා.
Social Plugin