බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකුට ස්ත්‍රී දූෂණ චෝදනා


බටහිර ඉන්දීය කොදෙව් දූපත් වේග පන්දු යවන ක්‍රීඩක ශමාර් ජෝසප් ජට ස්ත්‍රී දූෂණ හා අතවර චෝදනා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුගෙන් අතවරයට ලක් වූ බවට තරුණියන් 11 දෙනෙකු මේ වන විටත් ඔහුට චෝදනා එල්ල කරමින් ඇති බව එම වාර්තාවල සඳහන් වේ.

එම පිරිස අතර බාලා වයස්කාර තරුණියක් ද සිටින බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.