ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නොව, ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ දිශානතිය වෙනස් කළ ක්‍රීඩකයෙකු වන සනත් ජයසූරියගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා.
90 දශකයේදී, එක්දින තරග රටාවට නව ජවයක් ගෙනා ඔහුගේ එම විශිෂ්ටත්වය සැලකිල්ලට ගෙන, ක්‍රිකට් විශ්ලේෂක ටෝනි ග්‍රේග් විසින් ඔහුට “Master Blaster” යන නාමය පිරිනැමූවේය.
ජයසූරිය තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වමින් තැබූ ලෝක වාර්තා රැසක් අදටත් සුරැකිව පැවතීම කැපී පෙනෙන සිදුවීමකි.
සනත් ජයසූරිය පසු කළ සුවිශේෂී කඩඉම් කිහිපයක් පහතින්,
96 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා පිලේ ප්‍රබල සාමාජිකයෙක් මෙන්ම තරගාවලියේ වීරයා සම්මානය දිනා ගැනීම
එක්දින තරග 400ක් ක්‍රීඩා කළ ලොව පළමු ක්‍රීඩකයා
එක්දින පිටියේ ලකුණු13000ක් සහ කඩුලු 300ක් දවා ගත් ලොව එකම ක්‍රීඩකයා
පිට පිට එක්දින ඉනිම් දෙකකදී ලකුණු 150 ක් රැස් කළ ලොව එකම පිතිකරුවා
Social Plugin