කුසල් මෙන්ඩිස්ගේ ආබාධයේ නවතම තත්ත්වය


සංචාරක බංගලාදේශ කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරගය අතරතුර දුවද්දී දැවී යාමට ලක් වූ කුසල් මෙන්ඩිස්ගේ වම් උරහිස ආබාධයකට ලක්වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහු බංගලාදේශ දෙවෙනි ඉනිමේදී කඩුලු රැකීම වෙනුවන් පිටියට එක් වූයේ නොමැත.

ඔහු වෙනුවට ළහිරු උදාර කඩුලු රැකීමේ වගකීම පවරා තිබූ අතර ආදේශක ක්‍රීඩකයා ලෙසින් පවන් රත්නායක පන්දු රැකීමට එක්වී ඇත.

කුසල් මෙන්ඩිස් මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින අතර අවශ්‍ය වුවහොත් ඔහුව MRI පරීක්ෂණයක් වෙනුවන් යොමු කෙරෙනු ඇතියි.