IPL අවසන් වටයට යන කණ්ඩායම් මෙන්න


2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග සඳහා කණ්ඩායම් 4ක් මේ වන විට සුදුසුකම් ලබා තිබේ

ඒ, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම, රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම, පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වේ.

මෙම තරගාවලියේ පළමු වටයේ එක් කණ්ඩායමකට තරග 14කට සහභාගි වීමට සිදුවේ.

එ් අනුව තරග 13කට මුහුණ දී ඉන් තරග 9ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැදී සිටින ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 18ක් හිමිකර ගෙන සිටියි.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටින රෝයල් චැලන්ජර්ස් බැංගලූර් කණ්ඩායම තරගය 12ක් ක්‍රීඩා කර ඉන් තරග 8ක් ජයගෙන ප්‍රසාද ලකුණු 17ක් හිමිකරගෙන තිබේ.

පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තරග 12කට සහභාගි වී ඉන් තරග 8ක් ජයගෙන ප්‍රසාද ලකුණු 17ක් හිමිකර ගෙන ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයේ රැදී සිටියි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබන ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ සිටින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරග 13ක් ක්‍රීඩා කර ඉන් තරග 8ක් ජයගෙන රැස්කර ගෙන සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 16කි.

තරගාවලියේ දිල්ලි, ලක්නව්, කොල්කටා, හයිද්‍රාබාද්, රාජස්ථාන් සහ චෙන්නායි කණ්ඩායම් අවසන් වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමි නොවේ.