ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.
බංගලාදේශය සමග ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව තමන් ටෙස්ට් පිටියට සමුදෙන බවයි ඔහු සඳහන් කළේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරග 118කට ක්‍රීඩා කර ඇති මැතිව්ස් ඉනිම් 210කදී රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 8167කි. ඔහු ටෙස්ට් ශතක 16ක් හා අර්ධ ශතක 45ක් රැස් කර තිබේ.
37 වන වියේ පසුවන මැතිව්ස් බිඳ හෙලා ඇති ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 33කි.
Social Plugin