ඉතිහාසයේ පළමු වරට බංග්ලාදේශ කණ්ඩායම පරදවා විස්සයි විස්ස තරගාවලියක් ජය ගැනීමට UAE කණ්ඩායම ඊයේ (21) සමත් වුණා.
මෙය වාර්තා අතරට එක්වන්නේ UAE කණ්ඩායම ICC හි පූර්ණකාලීන සාමාජිකත්වය හිමි රටකට එරෙහිව මෙම වර්ෂයේදී T20I තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව ලෙසටයි.
ඊයේ පැවති තෙවෙනි විස්සයි විස්ස තරගයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට UAE කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංගලාදේශය පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 162ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ UAE ක්‍රීඩකයින් කඩුලු 3ක් පමණක් දැවී අදාල ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට සමත් විය.
එම ජයත් සමග තරග තුනකින් යුත් තරගාවලිය තරග 2ට 1ක් ලෙස ජය ගැනීමට ඔවුන් සමත් වුණා.
මීට පෙර ඔවුන් 2021 වර්ෂයේදී අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව T20I තරගාවලියක් ජය ගෙන තිබෙනවා.
Social Plugin