මෙවර IPL තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම දැක් වූ දුර්වල ක්‍රීඩා විලාසය ලොව පුරා ක්‍රීඩාලෝලීන් අතර දැඩි කතාබහක් නිර්මාණය කිරීමට සමත් වුණා.
තරගාවලිය අතරතුරදී ඔවුන්ගේ නිත්‍ය නායකයා වූ රුටුරාජ් ගයික්වාඩ්ට තරගාවලියෙන් ඉවත්වීමට සිදු වුණා. ඒ ආබාධයක් හේතුවෙන්.
ඉන් අනතුරුව කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරුණේ ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි වෙතයි.
බොහෝ ක්‍රිකට් විචාරකයින් පවසා සිටියේ මෙය දෝනිගේ අවසන් IPL තරගාවලිය බවට පත් විය හැකි බවටයි.
මෙවැනි පසුබිමක ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ චෙන්නායි ප්‍රේක්ෂකයන්ගෙන් හිමිව තිබෙන ජනාරදය හේතුවෙන් දෝණි ලබන වසරේදී පැවැත්වෙන IPL තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ඇති බවටයි.
මේ වනවිට 43 වන වියේ පසුවන දෝනි මෙවර තරගාවලිය පුරාවටම දැක්වූයේ දුර්වල ක්‍රීඩා විලාසයකි.
මෙවර තරගාවලියේ ඉනිම් 12ක් තුළදී ඔහුට රැස් කිරීමට හැකි වුයේ ලකුණු 180ක් පමණක් වන අතර ඔහුගේ පිතිකරණ සාමාන්‍ය 25.71ක් ලෙස සටහන්ව තිබේ.
වසර 18 ක ඔහුගේ IPL ඉතිහාසය තුළ අවස්ථා පහකදී CSK කණ්ඩායමට IPL කුසලාන දිනා දීමට දෝනිගේ නායකත්වයට හැකිවිය.
Social Plugin