ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක කෞෂාල් සිල්වා ඔස්ට්‍රේලියාවේ, මෙල්බන්හී ඩැන්ඩෙනොංග් ක්‍රිකට් සමාජයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 39කදී ශතක 3ක් සහ අර්ධ ශතක 12ක් සමගින් ඔහු රැස් කර ගෙන ඇති ලකුණූ සංඛ්‍යාව 2099කි.
මීට පෙර මෙම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙකු ලෙසද කෞෂාල් සිල්වා ක්‍රීඩා කර තිබේ.
වික්ටෝරියා ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් මෙම පත්වීම සිදු කළ බවයි එම ක්‍රීඩා සමාජයේ වෙබ් අඩවියේ සඳහන් කර තිබෙන්නේ.
Social Plugin